ඔයාගෙ සෝලා සිහිනයට මොකද වෙන්නේ..? 🌞🔋🇱🇰
පසුගිය දවස්වල අපේ රටේ සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. ඒකට හේතුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් 2026 සැප්තැම්බර් 11 වනදා අංක PE/DEV/03/01-RT දරන ලිපිය මගින් Electricity Distribution Lanka (EDL) සමාගම වෙත ලබාදුන් ලිඛිත නියෝගය...
මේ අලුත් වෙනසත් එක්ක ගොඩක් අය අතර ලොකු නොසන්සුන්කමක් ඇති වෙලා තියෙනවා. මේ අලුත් ප්‍රතිපත්තිය, එහි ප්‍රායෝගික පැත්ත සහ සිදුවන බලපෑම ඉතාම සරලව සහ විද්‍යාත්මකව තේරුම් ගන්න උත්සාහ කරමු...
2026 මාර්තු 05 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය (අංක 2478/42) මගින් ප්‍රකාශයට පත් කළ ජාතික ගාස්තු ප්‍රතිපත්තිය පදනම් කරගනිමින් නිකුත් වූ මෙම නියෝගයේ ප්‍රධාන කරුණු මෙහෙමයි...
🔋Net Plus පමණයි :- මින් ඉදිරියට අලුතින් ජාලගත වන සියලුම වහල මත සූර්ය බල පද්ධති සඳහා අනිවාර්ය වන්නේ Net Plus ක්‍රමය පමණි. මෙතෙක් පැවැති Net Metering සහ Net Accounting ක්‍රමවේද අලුතින් ලබා නොදේ...
🔋ගිවිසුම් කාල සීමාව :- සූර්ය බලශක්තිය පරිණත තාක්ෂණයක් ලෙස සලකන බැවින්, සියලුම නව ගිවිසුම් සහ දීර්ඝ කිරීම් උපරිම වසර 12 කට සීමා වේ...
🔋Smart Meters අනිවාර්යයි :- සියලුම පද්ධති සඳහා දුරස්ථව කියවිය හැකි Smart Metering System සවි කළ යුතුය...
🔋පැරණි ගිවිසුම්වලට බලපෑමක් නැහැ :- දැනටමත් සක්‍රියව පවතින Net Metering / Net Accounting ගිවිසුම් ඒවායේ කාලසීමාව අවුරුදු 20 අවසන් වන තෙක් වෙනස් නොවේ. වෙනස් වන්නේ ගිවිසුම් කාලය අවසන් වී දීර්ඝ කරන අවස්ථාවේදී පමණි...
ප්‍රායෝගිකව වැදගත්ම දිනය 2026 සැප්තැම්බර් 11, ඔයා දැනටමත් සෝලා පද්ධතියක් සඳහා අයදුම් කර ඇත්නම්...
2026 සැප්තැම්බර් 11 දින හෝ ඊට පෙර ඔයාට Grid Clearance ලැබී ඇත්නම්, ඔයා අයදුම් කළ ක්‍රමය යටතේම (Net Metering / Net Accounting) ඉදිරියට යා හැකියි...
2026 සැප්තැම්බර් 11 දිනට පසු නිකුත් වන සියලුම ජාල අනුමැතීන් සඳහා බලපවත්වන්නේ Net Plus ක්‍රමය පමණයි...
මෙතැනදී විදුලිබල මණ්ඩලය මුහුණ දුන් තාක්ෂණික හා මූල්‍යමය ප්‍රශ්න දෙකක් තිබුණා...
🔹ජාලයේ අසමතුලිතතාව (Grid Instability) :- සෝලා නිපදවෙන්නේ දහවල් කාලයේදී පමණයි. නමුත් රටේ වැඩිම විදුලි ඉල්ලුම තියෙන්නේ රාත්‍රී 6:00 - 10:00 අතර කාලයේදී. Net Metering මගින් සිදුවූයේ දහවල් කාලයේ වටිනාකම අඩු විදුලිය ජාලයට දී, රාත්‍රී කාලයේදී අධික පිරිවැයක් (තෙල්/ගල්අඟුරු) යන විදුලිය පාරිභෝගිකයා නොමිලේ ලබා ගැනීම...
🔹ලක්ෂ 70 ක සාමාන්‍ය ජනතාවට වූ අසාධාරණය :-;ජාතික විදුලි ජාලය නොමිලේ බැටරියක් ලෙස භාවිත කරමින් සෝලා හිමියන් ලැබූ මේ වාසිය නිසා විදුලිබල මණ්ඩලයට සිදු වූ පාඩුව පියවා ගැනීමට සිදු වූයේ, සෝලා සවි කර ගැනීමට වත්කමක් නැති ලක්ෂ 70 කට අධික සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ විදුලි බිල ඉහළ නැංවීමෙන්...
හැබැයි.. . මෙතැනදී කෙටිකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් බලපෑම් දෙකක් තියෙනවා...
🔸කෙටි කාලීනව (වාසිදායකයි) :- ජාතික විදුලි ජාලයේ මූල්‍ය අසමතුලිතතාව පාලනය වීම සහ සාමාන්‍ය පාරිභෝගිකයා මත පැටවෙන අනිසි බර අඩුවීම යහපත් ප්‍රවණතාවක්...
🔸දීර්ඝ කාලීනව (අවාසිදායකයි) :- Net Plus හි ඇති අඩු ආකර්ෂණීය බව නිසා ජනතාව අලුතින් සෝලා සවිකිරීම නතර කළහොත්, රටේ වැඩිවන විදුලි ඉල්ලුම පියවීමට මණ්ඩලයට නැවතත් සිදු වන්නේ ඒකකයකට රු. 50-60 ක් වැය වන ඩීසල් සහ තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීමට.
සමස්ත ජනන පිරිවැය ඉහළ යන විට, අනාගතයේදී ලක්ෂ 70 ක් වූ සාමාන්‍ය ජනතාව ඇතුළු මුළු රටේම විදුලි ගාස්තු නැවත ඉහළ යාමේ ලොකු අවදානමක් පවතිනවා...
ලෝකයේ ගොඩක් රටවල් Net Metering අතහැර දැමුවත්, සෝලා ආයෝජකයා සම්පූර්ණයෙන්ම අධෛර්යමත් කරන්නේ නහැ...
දහවල් නිපදවන විදුලිය බැටරිවල ගබඩා කරගෙන රාත්‍රී කාලයේ භාවිත කිරීමට පාරිභෝගිකයන් යොමු කිරීම. ඒ සඳහා බැටරි සඳහා වන බදු සහන ලබා දෙනවා...
දහවල් කාලයේ විදුලියට එක් අගයකුත්, රාත්‍රී කාලයේ විදුලියට තවත් අගයකුත් ලබා දෙමින් සාධාරණ Feed-In Tariff එකක් සකස් කරනවා...
පද්ධති සීමා කරනවාට වඩා, ජාලය භාවිත කිරීම වෙනුවෙන් සාධාරණ ගාස්තුවක් හඳුන්වා දෙනවා...
~ නලින් මංජු මාකාවිට ~
📍විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය :- ලිඛිත නියෝගය (අංක PE/DEV/03/01-RT, 2026 සැප්තැම්බර් 11 දිනැති).
📍ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය :- අංක 2478/42 (2026 මාර්තු 05 දිනැති) - ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික ගාස්තු ප්‍රතිපත්තිය.
📍Electricity Distribution Lanka (Pvt) Ltd (EDL) :- අභ්‍යන්තර චක්‍රලේඛ සහ නිවේදන.
📍ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) :- Feed-In Tariff තීරණය (PUC/E/Tariff/01, 2026 අගෝස්තු 24).
Source: facebook
#RooftopSolar #SolarEnergySL #NetPlus #NetMetering #SriLankaSolar #SolarPolicy #RenewableEnergy #ElectricityBill #EnergyCrisis #CleanEnergy #SolarInvestment #SriLankaTech #Manju #NalinManjuMakawita

No comments:
Post a Comment